වව්නියාවේ පාසල් කිහිපයක් වසා දමයි

අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරික්ෂණයකදි වව්නියාව, ලංකා කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකට කොවිඩ් – 19 ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ. ඒ අනුව මෙම දැරිය ඊයේ (14 වැනිදා) දිනයේද පාසල් ගොස් ඇති හෙයින් වව්නියාව ලංකා කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලය, දෙමළ මහ විද්‍යාලය, ගාමිණි විද්‍යාලය හා රම්බකුලම කාන්තා විද්‍යාලය යන පාසල් අද තාවකාලිකව වසා දැමීමට අද තීරණය කළේය.