කඩ සාප්පු වහන තත්ත්වයකට එන්න පුළුවන් – රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය වෙත හඬපටයක් නිකුත් කරමින් රටෙ වත්මන් තත්ත්වය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථීකයයි, ගෙදර ආර්ථීකයයි.. ආහාර ලබා ගන්න, ඉන්ධන ලබා ගන්න, ගෑස් ලබා ගන්න , පොහොර ලබා ගන්න, බෙහෙත් ලබා ගන්න කියන ප්‍රශ්න අපිට තියනවා.මැයි මාසේදී ඉන්දියා වෙන් ලැබෙන මුදල් අවසන් වෙනවා.අලුතින් ණය ලබන පාටක් අපිට පෙනිලා නැහැ.  ඒතකොට ආර්ථීක ප්‍රශ්න තව උග්‍ර වෙලා ව්‍යාපාර කඩ සාප්පු වහන තත්ත්වයකට පත්වෙන්න පුළුවන්..මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේම විසඳන්න ඔනේ .. මැතිවරණ තියන්න කාලයක් නැහැ.. අපේ යෝජනා මාලාව තියනවා ඒක ඉංග්‍රිසියෙන් තියෙන්නේ.. ගෝඨාගෝගමේ හිටියත් වෙනත් නැන් වල උද්ඝෝෂණය කලත් , තමන්ගේ ව්‍යාපාර කැදෙව්වත් ඒ් හැම අදහසක්ම අපිට මේ වේලාවේ විටනවා..ඒ් අනුව තමන්ගේ අදහස් සමාජ මාධ්‍ය හරහා යොමු කරන්න..

තමෝගේ අදහස් අවශ්‍ය නම් කථානයකවරයාට එවන්න.. මේ අදහස් අපි දවස් 10යකින් දැනගත්තාම ඒ් අදහසුත්  අරගෙන ආපහු මේ යෝජනා සංශෝධනය කරලා සාකච්ඡාවට ඉදිරිපත් කරන්නට පුළුවන්.. තරුණ හඬට අපි තැනක් දෙන්න ඔනේ.. තරුණයින් මේ වගකීම බාර ගෙන ඉදිරියට ඒන්න කියලත් මම ඉල්ලා සිටිනවා.”