දකුණු ආසියානු කරාතේ සම්මේලන සභාපතිත්වය ශ්‍රී ලංකාවේ සිසිර කුමාරට

දකුණු ආසියානු කරාතේ සම්මේලන නිලවරණයේදී ශ්‍රී ලංකාවේ සිසිර කුමාර මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත්විය. සමස්ත ඡන්ද 06කින් සිසිර කුමාර මහතාට සිසිර කුමාර මහතාට 04ක් හිමිවූ අතර, ඉන්දියාවේ භරත් ෂර්මාට හිමිවූයේ එක් ඡන්දයක් පමණි. එක් ඡන්දයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. මෙම ඡන්ද විමසීම මාර්ගගත ක්‍රමයට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ පළමු වරටයි.

ඒ අනුව 2021-2025 කාල සීමාව සඳහා දකුණු ආසියානු කරාතේ සම්මේලනයේ පරිපාලනයේ මුල් පුටුව ශ්‍රී ලංකාවේ සිසිර කුමාර මහතාට වසර 04ක කාල සීමාවකට හිමි විය.

සිසිර කුමාර මහතා ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ වත්මන් සභාපතිවරයාද වෙයි.

නිලවරණය සඳහා සභාපති අපේක්ෂකයන් ලෙස ශ්‍රී ලංකාවේ සිසිර කුමාර, ඉන්දියාවේ  භරත් ෂර්මා සහ නේපාලයේ පුරේන්දු බික්‍රම් යන මහත්වරුන් තිදෙනා නාමයෝජනා  භාරදී තිබුණද නිලවරණයට ප්‍රථම පුරේන්දු බික්‍රම් මහතා සභාපති තරගයෙන් ඉවත් විය. ඒ අනුව  සභාපති සටන පැවතියේ ශ්‍රී ලංකාවේ සිසිර කුමාර සහ ඉන්දියාවේ භරත් ෂර්මා යන මහත්වරුන් අතරයි.