සුපිරි පාපන්දු ක්‍රීඩක බෙකම්ගේ පුත්‍රයාත් පාපන්දු පිටියට

එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ගේ පුත්‍රයා වන රෝමියෝ බෙකම් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වී තිබේ. ඒ ඇමරිකානු තෙවන පෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ෆෝට් ලෝඩර්ඩේල් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරමිනි. මෙම ක්‍රීඩා සමාජයේ හිමිකාරිත්වය පවතින්නේ ඩේවිඩ් බෙකම්ට වීමද සුවිශේෂිය.

බෙකම්ට අයත් අන්තර් මයාමි මේජර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන ෆෝට් ලෝඩර්ඩේල් කණ්ඩායමට  රෝමියෝ ක්‍රීඩා කරනවිට ඔහුගේ වයස අවුරුදු 19කි. දකුණු ජෝර්ජියා ටොර්මන්ටා කණ්ඩායම සමග පැවති මෙම තරගය දෙපිලම සම ගෝල (2-2) වාර්තා කිරීම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

පසුගිය සැප්තැම්බර් මස මුලදී ෆෝට් ලෝඩර්ඩේල් ක්‍රීඩා සමාජය සමඟ කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ රෝමියෝ බෙකම් ඉතා ඉක්මනින් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නිර්මාණය කරගත්තේය.