සිම්බාබ්වේ සිරවී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යළි මෙරටට

මෙම වසරේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටියදී සාමාජිකාවන් හත්දෙනෙක් කොවිඩ්-19ට ගොදුරු වීම නිසා සිම්බාබ්වේහි සති 02කට ආසන්න කාලයක් සිරවී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (10දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
මේ වනවිට එම කණ්ඩායම කොළඹ තරු පංතියේ හෝටලයක දින 10ක නිරෝධායනයෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහා මැලේසියාවට යෑමට නියමිතය.