www.srilankantimes.com නව වසරේ අලුත් පිම්මකට

දෙස් විදෙස් තොරතුරු නිරන්තරයෙන් ජනතාවට සමීප කරලීමේ පුරෝගාමී උත්සහයක නිරතව සිටින ශ්‍රී ලංකන් ටයිම්ස් වෙබ් අඩවිය ලැබුවා වු 2022 නව වසරේ රාජකාරි ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරම්භ කළේය.
‘නෙතික්’ මාධ්‍ය ආයතනය විසින් ජනතාව අතරට නිරන්තරයෙන් සමීප වන ශ්‍රී ලංකන් ටයිම්ස් (www.srilankantimes.com), ශ්‍රී ලංකන් ස්පෝට්ස් (www.srilankansports.com) සහ එස්එල් අවි ටීවී (SL AVI TV) යූටියුබ් නාලිකාව සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ නව වසර ආරම්භ කළ අවස්ථාව ඡායාරූපවල දැක්වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවෘත්ති ආවරණය කරන මාධ්‍යයන් අතර පෙරමුණට පැමිණීම වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකන් ස්පෝට්ස් විසින් සබුද්ධි සාහිත්‍ය ක්‍රීඩා සම්මාන උළෙලේදීද ඇගයීමට පත් වූ වෙබ් අඩවියකි.
ලැබුවා වූ නව වසරේ ජනතාව වෙනුවෙන් තවත් මෙහෙවරක් කරන්නට අපි උත්සහ කරමු.