පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රීමාලි ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් පළඟසිංහ ගෙනුත් ලෝකඩ පදක්කමක්

රටවල් 74 ක සහභාගීත්වයෙන් මේ මස 7දා සිට 17දා දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වෙන පොදු
රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලිමේ ශුරතාවලියේදි කාන්තා කිලෝග්‍රැම් 45 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී
ලංකාවේ ශ්‍රීමාලි සමරකෝන් රන් පදක්කමක් දිනා ගැනීමට ඊයේ (9දා) සමත් වී තිබෙනවා.

ශ්‍රීමාලි තම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 58 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 78 ක
බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝග්‍රෑම් 136 ක් ඔසවා දක්ෂතා දක්වමින් මෙසේ රන් පදක්කමට
හිමිකම් ලබා ඇත.

තවද පිරිමි කිලෝ ග්‍රෑම් 61 බර පංතියෙන් තරග වැදුණ තිලන්ක පළඟසිංහ ලෝකඩ පදක්කමක් දිනා
ගැනීමට ඊයේ සවස සමත් විය. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 116 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට
කිලෝග්‍රැම් 145 ක් ලෙස සමස්ථ බර ලෙස කිලෝග්‍රෑම් 261 ක් ඔසවමින් මෙම ජයග්‍රහණය වාර්තා කර
ඇත.

2015 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ද රිදී පදක්කමක් දිනාගත් ශ්‍රීමාලි 2019 දකුණු
ආසියාතික ක්‍රීඩා උලෙළේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් රිදී පදක්කමක් දිනා ගැනීමටද සමත් වූවාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරණ අධ්‍යයන
අංශයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් වන ශ්‍රීමාලි සමරකෝන් 2016 යොවුන් ලෝක ශූරතා බර ඉිසිලීමේ
තරගාවලියේදී 14 වන ස්ථානය ලබා ගැනීමට ද සමත් වූවාය.