පිළිකාවෙන් බේරෙන්න නිර්මාංශී වෙන්න – ඇමරිකාව හෙළි කරන අලුත්ම පණිවුඩය


පිළිකාව යනු ලෝකයේ දරුණුතම රෝගයකි. මෙම රෝගයටද ස්ථිර බෙහෙතක් නොතිබුණද පිළිකාව සෑදෙන පුද්ගලයකු නියත වශයෙන්ම වසර කිහිපයක් ඇතුළත මිය යෑම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත් පිළිකා වැනි රෝග ඇති වන්නේ තමන් ගන්නා ආහාර නිසා බව ඇමරිකාවේ ජාතික පිළිකා ආයතනය සඳහන් කරයි.
ඇමරිකානු ජාතික පිළිකා ආයතනය කළ පර්යේෂණවලට අනූව පිළිකාවෙන් බේරීමට හැකි වන්නේ නිර්මාංශ ආහාර ගන්නා අයට බවට හෙළි වී තිබේ. බොහෝ පිළිකා ආහාර මගින් ඇති වන බවත් කාන්තාවන්ට වැළඳෙන පිළිකාවලින් 60% ක්ම අහාර නිසාද පිරිමින්ට වැළඳෙන පිළිකාවලින් 40% ක් ආහාර නිසා බවද සඳහන් කර තිබේ.
ඒ අනූව යුරෝපා මහද්වීපයේ සහ ඇමරිකානුවන්ට පිළිකා වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් තිබුණද අඩුවෙන් මාස් ආහාරයට ගන්නා ආසියානුවන්ට පිළිකා වැළඳීමේ ප්‍රවණතාව අඩු බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව කොළ පැහැති එළවළු, බීට්, කැරට් සහ විටමින් සී අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් පිළිකා රෝගයට ගොදුරු නොවී සිටීමට හැකි එකම මාර්ගයක් බවද ඇමරිකානු පර්යේෂණායතනය පෙන්වා දෙයි. මීට අමතරව සත්ව ආහාර වැඩිපුර ගැනීමෙන් පියයුරු පිළිකා වැඩිවීම සිදුවන බවද ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරයි.