එස්.ටී.එෆ්. කඳවුරු 03ක් හුදකලා කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කැළණියල කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03හුදකලා කිරීමට තීරනය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටී.