සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකික පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට රජය සැළසුම් කරයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකික පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිස් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.