අර්තාපල් සහ ලොකු ළුූනු මිල අඩු වෙයිද

දැනට වෙළෙඳපොළේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින්
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30
කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් එම පියවර ගෙන ඇති අතර
මිල ගණන් පහත හෙලීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික ලොකු ළුණු හා අර්තාපල් සඳහා වූ
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබේ.