යුක්රේ හමුදාව තම ජනතාව මාරාන්තික සටනක….

රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන් තවමත් කියෙව් නගරයේ පාලනය ලබා ගැනීමට රුසියානු හමුදාවන් අපොහොසත් වී ඇතැයි එම මාධ්‍ය වාර්තා කියයි පවසයි.

ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ කියෙව් නගරයේ පාලනය තවමත් තිබෙන්නේ යුක්රේන හමුදා අත බවයි.

මේවන විට යුක්රේන හමුදා සහ රුසියානු හමුදා අතර කියෙව් නගරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා දරුණු ගැටුම් සිදු වන අතර අද උදෑසන කියෙව් නගරය ආසන්නයේ විශාල පිපිරීම් දෙකක් ද සිදු වී ඇත.

එක් පිපිරීමක් සිදු වී ඇත්තේ වැසිල්කිව් නගරයේ ගුවන් හමුදා කඳවුර වෙත වන අතර ඉන් එහි ඉන්ධන ටැංකි ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කියෙව් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවමින් තිබෙන අතර ඉතිරි කිලෝමීටර් 20 ක දුර යෑම සඳහා කියෙව් නගරය වටකර ඇති රුසියානු හමුදාවට එකවර ඉදිරියට යන ලෙස අණ ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු සොල්දාදුවන් 3500 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇති බව යුක්රේන බලධාරීන් පවසන අතර යුක්රේනුවන් 198 දෙනකු මියගොස් 1115 තුවාල ලබා ඇති බව පවසයි.

ඒ අතර ළමුන් 33 දෙනකු ද සිටින බව පවසයි.මේ වන විට 120000 යුක්රේනුවන් රට හැර ගොස් සිටින අතර 850000 ක් අවතැන් වී ඇතැයි යුක්රේන රජය පවසයි.