Thursday, April 25, 2024
Home Headlines රසායනික පළිබෝධ නාශක තහනම ලිහිල් වෙයි

රසායනික පළිබෝධ නාශක තහනම ලිහිල් වෙයි

රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව, තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව ආනයනයට අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ.

ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත .

එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමතිවරයා යෝජනා කර ඇත.