සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් අත් අඩංගුවට ගෙන තිබේ. අදාළ වෛද්‍යවරයා මහරගම ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ දී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා ඇති අතර අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව අද (23 වැනිදා) සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිසුන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව යාබද නිවසකට වැටීමෙන් සිසුන් සහ අදාළ වෛද්‍යවරයා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම වෙඩි තැබීම සිදු වී තිබේ. රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකාර වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක් බවට වාර්තා වේ.