පත්තර ලොවේ මහා රජගේ යුව රජ නික්ම යයි

එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න මහතා හදිසියේම අභාවප්‍රාප්ත වී තිබේ. ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් කලක් සේවය කළ දමිත ගුණරත්න මහතා ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.

දමිත ගුණරත්න මහතාගේ අභාවයට පෙර ඔහුගේ පියාණන් වන විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාද අභාවප්‍රාප්ත විය.

දමිත ගුණරත්න මහතා මාධ්‍යවේදී තුෂාර ගුණරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැපයුම් කළමනාකරු හර්ෂ ගුණරත්න සහ ව්‍යාපාරික රජීව් ගුණරත්න යන අයගේ සහෝදරයා වේ.

දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්දා විදුහලේ ආදී ශිෂ්‍යයෙකි.