සත්තු බලන්නත් දැන් මිල වැඩියි

විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය මෙන්ම සතුන්ගේ නඩත්තු කටයුතු සඳහා වියදම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණ සහිතව මහ භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙසේ නව ගාස්තු සංශෝධනය අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යනය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ස්ථානවල සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමා ඇත.
එනම් උදාහරණයක් ලෙස දේශීය වැඩිහිටි සංචාරකයෙකු සඳහා දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යනය යන ස්ථාන නැරැඹීමට අයකළ ගාස්තුව රුපියල් 110 සිට 200ක් දක්වා ඉහළ නංවා ඇති අතර රිදියගම සෆාරි උද්‍යානය නැරැඹීමට මින් පෙර අයකළ ගාස්තුව රුපියල් 350 ක් වුවත් නව ගාස්තුව 550ක් දක්වා වැඩිකර ඇත.

නව ගාස්තු සංශෝධනය පහත දැක්වේ.