අද චන්ද්‍රග්‍රහණයක්

අද (05 වැනිදා) රාත්‍රියේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් රැසකට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියා සිටී. ඒ අනුව සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා එකම රේඛාවක පිහිටමින් සඳවෙත පතිත වන හිරු රැස් පෘථිවියෙන් මුවා වීම මෙම ඡායා චන්ද්‍රග්‍රහණය ලෙස සඳහන් වේ.
අදාළ චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියවේ සහ අප්‍රිකාවේ රටවල් රැසකට දිස්වන අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 12.15 සිට අලුයම 2.30 පමණ වනතෙක් එය නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියා සිටී.