අද 2022 පෙබරවාරි මස 22 දාය. ඒ අනුව 22-2-22 ලෙස සටහන් කළ හැකි දිනයක් අනාගතයේ කිසි දිනක එළැඹෙන්නේ නැති බැවින් අද දිනය අප කාහටත් සුවිශේෂී දිනයක් වන බවද සිහිපත් කරමි. එසේම අද දිනයේ සමරන්නට හැකි ලොව සිදුවීම් දෙස ගවේශණයක යෙදුන මෙම ලියුම්කරු හට උපුටා ගන්නට හැකි වූ මතක සටහන් කිහිපයක් මෙසේ පහත සඳහන් කරමි.

1975 ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වූ රංජිත් ප්‍රනාන්දු ගේ උපන් දිනයද යෙදී ඇත්තේ අදයි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී 1991 දී සහභාගී වී ඇත්තේ අද වැනි දිනකය.

පෘතුගීසි සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ 1,000 වැනි ජ්‍යෙෂ්ඨ පාපන්දු තරගය සනිටුහන් කළේ 2020 අද වැනි දිනකය. ඔහු ඒ වන විට ක්‍රීඩා සමාජ තරග 836 කදී සහ ජාත්‍යන්තර තරග 164 කදී ගෝල 725 ක් වාර්තා කර තිබිණි.

උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් හමුදා විසින් දකුණු වියට්නාමයට එරෙහි ටෙට් ප්‍රහාරය අවසන් කළේ 1967 අද වැනි දිනක වේ.

ඉරාන හමුදා විසින් හැම්ප්ෂයර් හි Aldershot හි 16 වන පැරෂුට් බලසේනා මූලස්ථානයේ බෝම්බයක් අටවා කාන්තාවන් 5 දෙනෙකු සහ හමුදා පූජකයෙකු ඝාතනය කරන ලද්දේ 1972 අද වැනි දිනකය.

එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් ඉරාකයට කුවේටයෙන් ඉවත් වීමට හෝ පූර්න පරිමාණ යුද්ධයකට මුහුණ දීමට හෙට පස්වරු 5.00 දක්වා කල් දීමට තීරණය කළේ 1991 අද වැනි දිනකය.

සන්නද්ධ කල්ලියක් කෙන්ට්හි සෙකියුරිටාස් බැංකු ගබඩාවෙන් පවුම් මිලියන 53ක් සොරකම් කළේ 2006 වසරේ අද වැනි දිනකය. එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදුවූ විශාලතම සොරකම විය.

ජෝර්ජ් වොෂින්ටන් බොහෝ විට “ඔහුගේ රටේ පියා” ලෙස හැඳින්වේ. ඔහු එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා ලෙස සේවය කළා පමණක් නොව, ඔහු ඇමරිකානු විප්ලවය (1775-83) අතරතුර මහාද්වීපික හමුදාවට අණ දුන් අතර එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ සමුළුවේ මුලසුන දැරීය. ඔහු උපත ලද්දේ 1732 අද වැනි දිනකය.

1980 ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී එක්සත් ජනපද අයිස් හොකී කණ්ඩායම ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම කැළඹීමක් ඇතිකරමින් එකළ ලොව ප්‍රභලම සෝවියට් කණ්ඩායම පරාජය කළේ අද වැනි දිනකය.