කොවිඩ් 19 ආසාදිතයන් විසි දෙදෙනෙක් අද හමුවෙයි

කොවිඩ් 19 ආසාදිතයන් විසි දෙදෙනකු අද හඳුනාගෙන ඇත. ඉන් එක් අයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් ඇසුරු කළ අයෙකි. අනිකුත් ආසාදිතයන් සෞදි අරාබියේ, එක්සත් අරාබි රාජධානියේ සිට පැමිණ අයවළුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.