පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට හමුදා කණ්ඩායමක් සමත් වී තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල අසළ දී මෙම පුද්ගලයා ව සොයා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසයි.
මෙම පුද්ගලයා අද (24 වැනිදා) උදෑසන අයි.ඩී. එච්. රෝහලෙන් පැන ගොස් තිබිණි.