තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වේ

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී අද (03 වැනිදා) ජිවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගිය බවට සෞඛ්‍ය අංශ තහවුරු කර සිටී.
කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.