උණවටුන උප දුම්රිය ස්ථානය වසා දැමේ

උණවටුන උප දුම්රිය ස්ථානය වසා දැමීමට තීරණය කර තිබේ. එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු සමග සමීප ඇසුරක් පැවැත්වූ අයෙකු ලෙස වාර්තා වීම මත මෙසේ එම දුම්රිය ස්ථානය වසා දැමීමට තීරණය කර තිබේ.
මේ වන විට එම දුම්රිය ස්ථානාධිපතිවරයා දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුකර ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි පීසීආර් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.