නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම 05 වනදා පස්වරු 5.00න් පසුව

නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් ලබා නොදෙන බවත් මැතිවරණය පැවැත්වෙන අගොස්තු මස 05 වනදා පස්වරු 5.00න් පසුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි. කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ පැවැති විශේෂ රැස්විමකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.