වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරා්නා

වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරා්නා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ සිටි මෙම රැඳවියා පසුගිය ජුනි මස 27 වැනිදා වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට මාරුකර එවා ඇති අයෙකි.
මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පීසීආර් පරික්ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරමින් පවතින බවද එම පරික්ෂන සඳහා රිමාන්ඞ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ද බඳුන්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනය කරයි.