තෙල් මිල ඉහළ දමන්නේ නෑ – ගම්මන්පිල කියයි

ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි. 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා ඇති බවත්, වත්මන් රජය යටතේ මෙතෙක් ඉන්ධන මිල ඉහළ නංවා නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.