විමල්ගෙන් බැසිල්ට දෝස්මුරයක්….

  • මහ බැංකු අධිපති මුණගැහෙන්න මුදල් ඇමැතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩදීලා ඉලා සිටිනවා

‘රටම හරි මගට ජාතික ප්‍රකාශනය’ එළිදැක්වීම සඳහා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 11 ක සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී වේගවත් කතාවක් කළ විමල් වීරවංශ ඇමැතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කරමින් ඔහුගේ ක්‍රියා කළාප සම්බන්ධව දැඩි විවේචනාත්මක අදහස් පළ කළේය.
ඔහු එහිදී පවසා සිටියේ කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහන යන්න තෙල් නැති වෙනවා. කාපට් එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්නද. ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න පියවර කිහිපයන් ගන්න ඕනේ. පළමුකොටම විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට මේ සියල්ල තේරෙනවා. මගේ මොළෙයි ඉතුරු තව හයයි මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මට මොකටද විශේෂඥ සහය. මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් ඒ මදෑ. ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජය ගන්න බෑ. හදන්න ඕනා ප්ලෑන් එකක්. මහ බැංකු අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මේ තත්ත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 9ක් ඇරියා. මම යෝජනා ඇරියා එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියල. හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමැතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහ බැංකු අධිපති මුණගැහෙන්න මුදල් ඇමැතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩදීලා ඉලා සිටිනවා. යනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයා පැවසීය.