ශ්‍රී ලංකාවෙන් හමුවූ ලොව විශාලතම තරු නිල් මැණික් පොකුර ගිනස් වාර්තා පොතට – කිලෝ ග්‍රෑම් 310 බරැති කොරන්ඩම් නිල් මැණිකටත් ඩොලර් මිලියන 100ක ඉල්ලුමක්

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 500කට වැඩි බරැති තරු නිල් මැණික් පොකුරට අනුමැතිය හිමි වූ අතර එය ලොව විශාලතම තරු නිල් මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් කර ඇත.

මැණික් සහ ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ලොහාන් රත්වත්තේ පැවසුවේ, ස්විට්සර්ලන්තයේ ගූබ්ලින් මැණික් රසායනාගාරය (Gübelin Gem Lab) විසින් තරු නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි වූ බවයි.
පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයේ නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම තරු නිල් මැණික් පොකුර සොයා ගන්නා ලදී.
කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක් පමණ බරැති මෙම පොකුර “Serendipity Sapphire” ලෙස නම් කර ඇත.
දැනට ස්විට්සර්ලන්තයේ පවතින මෙම නිල් මැණික් පොකුර එක්සත් රාජධානියට රැගෙන යන බවත් එහිදී ක්‍රිස්ටි වෙන්දේසියට ඉදිරිපත් කොට ඒ සඳහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් පැවැසේ.
මේ අතර, ශ්‍රී ලංකාවෙන් සොයාගත් ලොව විශාලතම ස්වභාවික කොරන්ඩම් බ්ලූ නිල් මැණික හෙවත් ‘ආසියාවේ රැජින’ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ඉල්ලුමක් ඉදිරිපත් කර ඇති ඩුබායි පදනම් කරගත් සමාගමක් සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
ඇමෙරිකානු ඩොලර් 100ට වැඩි ඉහළම මිලක් ලබා ගැනීමට එම සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කිලෝ ග්‍රෑම් 310 (කැරට් 1,550,000) බරැති එම කොරන්ඩම් නිල් මැණික 2021 දෙසැම්බර් මාසයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ බටුගෙදර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.