මේ සතියේ රට වහන්නේ නෑ – ජනපතිගෙන් ප්‍රකාශයක්

පසුගිය සති කිහිපයේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැඩි වීමක් සිදු වුවද රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (06දා) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කළේය.

කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.