තවත් ආසාදිතයින් 332ක් හඳුනා ගැනේ.

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 332ක් අද (18 වැනිදා) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 53,408ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 649 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,820 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.