ක්‍රිකට් සභාපති ෂම්මිගේ උපන්දින පාටියෙන් කොවිඩ් පොකුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ උපන්දිනය කොළඹ සීසීසී ක්‍රීඩා සමාජයේ පවත්වා ඇති අතර, ඊට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කොළඹ එන්සීසී ක්‍රීඩා සමාජය යන ස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස කොවිඩ්-19 ආසාධනය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ රියදුරාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය අංශයේ නිලධාරියෙකුටය.