කොවිඩ්-19 අරමුදලට ලබාදුන් මුදල් කුමක් සඳහා වියදම් කළේදැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (23) විමසා සිටියේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
කොවිඩ්-19 අරමුදලට ලබාදුන් මුදල් පිළිබද කිසිදු විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙන් එයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් හිතන්නට සිදුව ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
එහි කොපමණ මුදලක් තිබේද, වියදම් කළේ කුමකටද යන්න සම්බන්ධයෙන් අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව අත්තනායක මහතා සඳහන් චෝදනාවක්ද එල්ල කළේය.