ජනපති ඉදිරියේ නොකියන කතා වෛද්‍යවරු මාධ්‍යයට කියනවා – යුද හමුදාපති කියයි

පවතින ගෝලීය වසංගතයේ බලපෑම උග‍්‍රවීමෙන් ශ‍්‍රී ලංකාවම සති දෙකක් වසා දැමීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පැවසුවද ඔවුන් ජනාධිපතිවරයා හමුවන අවස්ථාවේදී එවැනි යෝජනාවක් නොකර බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
‘‘කියන දෙයක් ජනාධිපතිතුමා ඉන්න රැුස්වීමේදී කිව්වනම් පුළුල්ව සාකච්ඡුා කරලා තීරණයක් ගැනීමට අවකාශ ලැබෙනවා. රැුස්වීමේදී කතා නොකළ දෙයක් පසුව රූපවාහිණී ප‍්‍රවෘත්තිවලදී ආසන්න ලැබුණා.’’ යැයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා සමග සාකච්ඡුාව අවසානයේදී තවත් කිරීමට අතපසු වූ දේවල් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් විමසන බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ කිසිම අවස්ථාවකදී එවැනි ප‍්‍රකාශ සිදු නොකළ බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් රට වැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෛද්‍යවරුන් ලිඛිතව දන්වා ඇතැයි සඳහන් වන අතර ඒ අනූව ලබන ජුනි මස 7 වැනිදා දක්වා රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධවද අවධානය යොමුව තිබේ.